FAST NEWS

24×7 Around the Globe

20 ගැන අධ්‍යයනය කරන්න නීතිඥ සංගමයෙන් විශේෂඥ කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂඥ කමිටුවක් පත් කරයි.

ඒ ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතාගේ සභාපතිත්වයෙනි.

එම කමිටුවේ ජනාධිපති නීතිඥවරුන් 13 දෙනෙකු සහ තවත් නීතිඥවරුන් දෙදෙනෙකු සාමාජිකත්වය දරයි.

අදාළ කමිටුව විසින් විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් සැළකිල්ලට ගැනීමට නියමිතය.