FAST NEWS

24×7 Around the Globe

වනජීවින්ට හා රක්ෂිත වලට හානි කරන්නන්ට උපරිම දඩුවම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වනජීවීන්ට හා රක්ෂිතයන්ට හානි පමුණුවන පුද්ගලයින්ට ලබාදෙන දඩුවම වැඩි කිරීමට රජයේ අවධානය යොමු වෙයි.

එසේම ඊට ගෙවිය යුතු දඩ මුදල් ද ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතින බව විෂය භාර අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.