FAST NEWS

24×7 Around the Globe

රියදුරු බලපත්‍ර ගන්නා අයට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මින් ඉදිරියට කිසිදු හේතුවක් මත රුධිර පරීක්ෂාවන් සැළකිල්ලට ගෙන රියදුරු බලපත්‍ර නිකුත් නොකරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රුධිර පරීක්‍ෂාවේදී දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පවතින බවට අනාවරණ වුවද එය රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට බාධාවක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.