FAST NEWS

24×7 Around the Globe

අද කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (12) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මෙම කාලය තුළ කොළඹ 09, 10, 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.