FAST NEWS

24×7 Around the Globe

ඇමති ජොන්ස්ටන්ට එරෙහි සතොස නඩුව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 4 දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කරයි.

ඒ සතොස සේවකයන් වෙනත් රාජකාරිවල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි 4 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට වෙළඳ අමාත්‍යවරයාඅ සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පැවරූ නඩුව සම්බන්ධයෙනි.

ඊට අදාළ නඩුව අද(11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය.

2010 සිට 2014 දක්වා කාලය තුළ සතොස සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් රාජකාරිවලට යෙදවූ බවට මෙහිදී චෝදනා එල්ල විය.