FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය ඉහළට

(ෆාස්ට් නිව්ස් | පුත්තලම) – පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වරින් වර පැයට කිලෝමිටර් 60-70 දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   

එමෙන්ම , මාතර සිට හම්බන්තොට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද වරින් වර පැයට කිලෝමීටර් 60-65 දක්වා වැඩි විය හැක.

පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු පදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3 යි දසම 0 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද අදාළ නිවේදනයේ සඳහන්.

සුළඟේ වේගයත් සමග මුහුදු ප්‍රදේශ වරින් වර රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.