FAST NEWS

24×7 Around the Globe

පාලමක් කඩාවැටී පුත්තලම – අනුරාධපුර ධාවනයට බාධා

(ෆාස්ට් නිව්ස් | පුත්තලම) – පුත්තලම – අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර තිස් අටේ කණුව ආසන්නයේ පාලමක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලිසිය පවසයි.   

ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් පාලම මතින් ගමන් කරන අවස්ථාවේදී එම පාලම කඩාවැටී ඇත.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.