FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු රැස්වීම් කාලයේ සංශෝධනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලවේලාව වෙනස කිරීමට තීරණය කෙරේ.

ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසිනි.

මේ අනුව මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට එම වෙනස සිදුකිරීමට ඊයේ (10) තීරණය කර තිබේ.

මින් ඉදිරියට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10.00 ට ආරම්භ කර පස්වරු 5.30 අවසන් කෙරෙනු ඇත.

පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වනු ලබන්නේ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි.