FAST NEWS

24×7 Around the Globe

මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු STF අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කලූ, වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ඊයේ (10) එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 960 ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.

35 හැවිරිදි සැකකරු දෙණිපිටිය – ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු, මාකදුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.