(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවට ලැබෙන සැකකටයුතු පර්සල පරීක්ශා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව විපක්ෂය පවසයි.
පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයට ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් පාර්සලයක් යවා තිබේ.
නමුත් එය පරික්ෂා කිරීමට පොලිසියට ඉඩ ලබා දී නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය බරපතළ තත්ත්වයක් බවත් එය මන්ත්‍රී ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් බවද කී ඔහු එකී පාර්සලය පරික්ෂා කිරීමට උත්සහ කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයිද පැවසීය.
මෙවන් ක්‍රියාදාමයන් පාර්ලිමේන්තු ආරක්ෂක තත්ත්වය අකර්මන්‍ය කිරීමක් බව පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් සොයාබලා ප්‍රකාශයක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේය.








