FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තැපැල් සේවකයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් සේවකයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 04ක් සහ මත්පෙති සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බත්තරමුල්ල තැපැල් කාර්යාලයේ සේවයේ නිරතව සිට වැඩ තහනමට ලක්වූ තැපැල් සේවකයෙකු බවද වාර්තා වේ.

ඔහු සතුව තිබී රුපියල් 43000ක මුදලක්ද මෙහිදී සොයාගෙන ඇත.