FAST NEWS

24×7 Around the Globe

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදෙන බව රජය පවසයි.

අනෙකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 1500ක මුදලකට ලබාදෙන බවත් මේ වන විට කොළඹ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව මෙම වසර තුළදී අමතර පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මෙරටට ආනයනය සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ කියා සිටියේය.