FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය මහජන දිනය වෙනස් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රාජ්‍ය ආයතනවල මහජන දිනය පැවැත්වෙන දිනය වෙනස් කෙරේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

මෙතෙක් බදාදා පැවති මහජන දිනය, සඳුදා තෙක් වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය දැනුම් දෙයි.