ඇමරිකාව විසින් නව ප‍්‍රහාරක යානා කණ්ඩායමක් දකුණුදිග තුර්කියේ ඉන්සර්ලික් ගුවන් හමුදා කඳවුර තුළ ස්ථානගත කර ඇතැයි වාර්තා වේ.
ඇමරිකානු හමුදා නිලධාරියකු මාධ්‍ය වෙත දක්වා ඇත්තේ A-10 ගොඩබිම් ප‍්‍රහාරක ගුවන් යානා 12ක් මෙලෙස තුර්කියට එවූ බවයි.
මෙම යානා ඉරාකයේ හා සිරියාවේ ISIS ඉලක්ක වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට භාවිතා කරනු ඇතැයි පැවසේ.
වෝතොග්ස් ලෙස සෙබළුන් විසින් හඳුන්වන A-10 යානාවලට සාමාන්‍ය බෝම්බ ප‍්‍රහාරක යානයකට වඩා වැඩි නිරදව්‍යතාවයකින් යුතුව ගොඩබිම් ඉලක්කයන් වෙත පහරදීමේ හැකියාව පවතී.
ඉතාමත් ශක්තිමත් ලෙස නිපදවා ඇති මේවාට වෙඩි ප‍්‍රහාරයක් ඉදිරියේ පවා නොසෙලී සිටීමේ හැකියාව ඇතැයි පැවසේ.
ඇමරිකානු නිලධාරියා පවසා ඇත්තේ A-10 යානා පියාසර කරන ගුවන් මාර්ග අතිශය අනතුරුදායක වීම හේතුවෙන් වඩා ඉහළ අවදානමක් දැරීම සඳහා ඒවා විශේෂයෙන් නිමවා ඇති බවයි.
සැප්තැම්බර් 30වනදා සිට රුසියානු ප‍්‍රහාරක යානා විසින් සිරියාවේ ISIS ඉලක්ක වෙත ගුවන් ප‍්‍රහාර විශාල ප‍්‍රමාණයක් එල්ල කර ඇති අතර ත‍්‍රස්තවාදීන් සියගණනක් ඝාතනය වී ඇතැයි පැවසේ.
පසුගියදා කැස්පියන් මුහුදු නාවික කණ්ඩායමද ප‍්‍රහාර සඳහා එක්වූ අතර මෙම තත්වය මත සිය මැදපෙරදිග කලාපය තුළ සිය මිලිටරි ක‍්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට ඇමරිකාව වෙත බලකෙරී ඇතැයි වාර්තා වේ.







