FAST NEWS

24×7 Around the Globe

එළවළු සහ පොල් මිල යළි ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළඳපොළේ එළවළු සහ පොල් මිල යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.   

ඒ් අනුව පොල් ගෙඩියක මිල අද වනවිට රුපියල් 90 ත් 100 ත් අතර සටහන් වන අතර ඊට හේතු වී ඇත්තේ පොල් ඵලදාව අඩු වීමයි.

එමෙන්ම, වෙළඳපොළේ එළවළු මිල ගණන් 15% කින් පමණ ඉහළ ගොස් තිබේ.

කැරට්, ලීක්ස්, බෝංචි සහ ගෝවා යන එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ඉක්මවා ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණ භාරය සඳහන් කළේය.

ප්‍රමාණවත් පරිදි එළවළු තොග වෙළඳපොළ වෙත නොලැබීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතුව වී ඇත.