FAST NEWS

24×7 Around the Globe

කළුතරට පැය 24ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන ලැබේ.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර, කළුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.