FAST NEWS

24×7 Around the Globe

මාර්ග රැසක වාහන තදබදයන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

ඊට හේතුව වී ඇත්තේ කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීමය.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.

එසේම , කොළඹ-හලාවත මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බවද වාර්තාවේ.