FAST NEWS

24×7 Around the Globe

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න – ජනපති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය පියවර වහාම ගන්නැයි ජනාධිපතිවරයා  නිලධාරීන්ට උපදෙස්  ලබා දෙයි.

මෙම රජය ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂාවෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර ඇති බවත් වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බවත් ජනධිපතිවරයා අවධාරණය කර තිබේ.

පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.