FAST NEWS

24×7 Around the Globe

එජාප නව නායකත්ව තීන්දුව ලබන වසරේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය නම් කිරීම ලබන වසරේදී  සිදු කරන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී  පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර පැවසුවේ බොහෝදුරට ලබන ජනවාරි මස මුල් සතිය පමණ වනු ඇති බවයි.

මේ අතර ලබන සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක් ද පැවැත්වෙන අතර එහිදී  පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරයට අයෙකු පත් කිරීමට නියමිතය.