FAST NEWS

24×7 Around the Globe

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට එයි

(UTV |කොළඹ) – UPDATE – බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙයි.

මීට සුළු වෙලාවකට පෙර ඔහු බන්ධාගාරයේ වෑන් රථයකින් පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

අද (08) දිනයේ පාර්ලිමේන්තු කටයුතු පස්වරු 1ට ආරම්භවීමට නියමිත අතර ඉන්පසුව ඔහු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව අද (08) පස්වරු 1.00ට රැස්වීමට නියමිතය.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද දිනයේ සිට ලබන 11 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී දැනට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතවේ.

අද දිනයේදී සභාව කල් තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ෂික, වාර්තාව මුදල් අමාත්‍යාංශයේ කාර්යය සාධක වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විවාදයට ගනු ඇත.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පෙරවරු 11.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදි සාකච්ඡා කරනු ඇත.