FAST NEWS

24×7 Around the Globe

සවුදියේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට තාවකාලික සහනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොව්ඞ් වසංගතය හමුවේ සියරටට යා ගත නොහැකිව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කිසිඳු දඩයක් හෝ අමතර මුදල් ගෙවීමකින් තොර රටින් පිටත්ව යාමට සවුදි අරාබිය අවසර ලබාදී ඇත.   

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ වලංගු හෝ කල් ඉකුත්ව ඇති ඕනෑම වීසා බලපත්‍රයක් සඳහා මෙම වරප්‍රසාදය හිමිවන බවයි.

කෙසේවෙතත් මෙය කොරෝනා තත්වය හේතුවෙන් ලබා දී ඇති තාවකාලික සහනයක් පමණක් වෙයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්තූතිය සවුදි රජයට හිමිවන බවද විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.