FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කළ 547 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (07) පස්වරු 6 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කළ 547 ක් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.    

සැකකරුවන් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොයින් පානය කරමින් සිටියදීයි. එම සංඛ්‍යාව 265 ක්.

ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 89 කට අධිකයි.

සැකකරුවන් 136 ක් ගංජා භාවිත කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔවුන් සතුව තිබී සොයගැනු ගංජා ප්‍රමාණය ග්‍රෑම් 349 කට ආසන්නයි.

අයිස් භාවිත කරමින් සිටි සැකකරුවන් 27 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබි අයිස් ග්‍රෑම් 24 කට අධික ප්‍රමාණයක් හමුවු බව පොලිසිය පවසයි.

මීට අමතරව තවත් සැකකරුවන් 4 දෙනෙක් මාවා භාවිත කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධි මත්පැන් භාවිත කරමින් සිටි පුද්ගලයින් 107 ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධි මත්පැන් බෝතල් 537 ක් ද පොලිස් භාරයට ගැනුනු බව ද බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.