FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රවය ජාවාරමේ නිරත වූ හත්දෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රුපියල් මිලියන 4.7කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සමඟ දෙදෙනෙකු තොටලග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබු මත් පෙති 18,900ක් සොයා ගැනුණි.

මේ අතර මෙතම්ෆෙටමින්, මත්පෙති සහ කේරල ගංජා සමඟ පුද්ගලයින් පස් දෙනෙකු කළුතර වස්කඩුව ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් සතුව තිබී මුදලින් රුපියල් 64,000 ක්ද සොයා ගැනුණි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථාන පරීක්‍ෂණ පවත්වයි.