හෙරොයින් ප්රවාහනය කරමින් සිටි, වෙලේසුදාගේ බාල සොහොයුරිය ඇතුළු පිරිසක් රාජගිරිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා හෙරොයින් ග්රෑම් 111 ක් මෝටර් රථයකින් ඔවුන් ප්රවාහනය කරමින් සිටි බව පොලිසිය ප්රකාශ කළේය.
අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා අතර තවත් කාන්තාවක් සිටියි.
හෙරොයින් ළග තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගම්පළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණය පසුගියදා මරණ දඩුවම නියම කළේය.







