FAST NEWS

24×7 Around the Globe

කොටුව සහ මරදාන අතර දුම්රිය පීලි පැනීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රියක් පීලිපැනීම හේතුවෙන් කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇත.   

දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ අද පෙරවරු 8.15 ට පමණ කළුතර සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි.

එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පාලක මැදිරිය සඳහන් කරයි.