FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | අම්පාර) – MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසයි.

නෞකාවේ ගින්න සම්බන්ධයෙන් අද (06) දහවල් නීතිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාවික හමුදාපතිවරයා මේ බව පැවසීය.

නමිත් එම නෞකාව පවතින ස්ථානයේ අධික උෂ්ණත්වයක් පවතින නිසා මත නැවතත් ගින්න ඇතිවීමේ අවදානමක් තිබෙන බවද නාවික හමුදාපතිවරයා එහිදී කියා සිටියේය.