FAST NEWS

24×7 Around the Globe

මෙරට ධීවරයි පිරිසක් ඉන්දී වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – මෙරට ධීවරයින් 6 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර, පුරාණවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ඉඳුවර බහුදින යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් පිරිසය.

පසුගිය ජුනි 28 වනදා එම ධීවරයින් රැගත් යාත්‍රාව දෙවිනුවරින් පිටත්ව ගොස් ඇත.

පසුව ජූලි 12 වනදා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ධීවරයින් මේ වනවිට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කාතිනගර් ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාරයක රඳවා සිටින බව වාර්තාවේ.

එම ධීවරටින්ගේ ඥාතීන් පවසන්නේ මේ පිළිබඳව බලධාරින් දැනුවත් කළත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.