FAST NEWS

24×7 Around the Globe

මුහුද රළු විය හැකි නිසා මුහුදු යාමෙන් වළකින්නැයි උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හෙට දහවල් 12 දක්වා ධීවර කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.
අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩා හා එක්දින යාත්‍රාවලින් ධීවර කටයුතු සඳහා යන ධීවරයන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකළ යුතු බවයි.

මේ අනුව දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි නිසා ධීවර ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කල යුතු බව දැනුම් දෙයි.