FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික බස් රථ වර්ජනයක් අරඹයි

(ෆාස්ට් නිව්ස් | කළුතර) – මතුගම බස් නැවතුම්පලෙන් ගමන් ආරම්භ කෙරෙන සියලූම පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.    


බස් රථ හිමියන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව මාර්ග අංක 285 බස් සංගමයේ ලේකම් ප්‍රසන්න ගුණසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.