FAST NEWS

24×7 Around the Globe

වන්නි ගුවන් හමුදා කඳවුරෙන් නිරෝධායනය නිමවා තවත් 164 ක් පිටවෙයි

(ෆාස්ට් නිව්ස් | යාපනය) – වවුනියාව වේලාන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද නීරෝධායන මධ්‍යස්ථානයේ දී සාර්ථකව දින 14 නීරෝධායනයට ලක්වූ විදේස් ගතව සිට පැමිණි පුද්ගලයින් 164 දෙනෙකු තම නිවෙස් බලා පිටත්ව හැරීම අද (05) සිදුකල බව ගුවන් හමුදාව පවසයි.   

මෙහිදී සාර්ථකව නිරෝධායන ක්‍රියාවලියට ලක්වීම සම්බන්ධයෙන් සහතික පත්‍රයක්ද ඔවුනට පිරිනමනු ලැබීය.

සිංගපූරුවේ සිට සිය රටට පැමිණි මෙම පිරිස මාතර, ගාල්ල, කොළඹ, නුවර, පේරාදෙණිය, මාතලේ හා අනුරාධපුර ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.