FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීවරයෙකුට හිමීවන විමධ්‍යගත අරමුදල දෙගුණ කිරීමට සැරසෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන විමධ්‍යගත අරමුදල් දෙගුණ කර රුපියල් මිලියන 10ක මුදලක් එක් මන්ත්‍රීවරයෙකුට ලබාදෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

විමධ්‍යගත අරමුදල් ලබාදෙන්නේ වසරක කාලයකට බවත්, අටවැනි පාර්ලිමේන්තුව ආරම්භ වී ගතවී ඇත්තේ මාසයක් වැනි කාලයක් බැවින් ඉතා ඉක්මනින් එය ලබාදෙන බවද අමාත්‍යවරයා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
විමධ්‍යගත අරමුදල් කිසිම මන්ත්‍රීවරයෙකුට ලැබී නැති හෙයින් ප්‍රාදේශීය සංවර්ධනය අඩාල වී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම වසරට අදාළ විමධ්‍යගත අරමුදල් ලබාදෙනවා මෙන්ම තමන් පැවසූ සියලුදේ ඉටුකරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.