FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කීපයකට තද වැසි සහ සුළං

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයි‍න පුරා, විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (05) සවස් කාල‍යේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකියි.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති  වේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු හා තාවකාලික තද සුළං ඇති විය හැකි බවද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.