FAST NEWS

24×7 Around the Globe

“New Diamond” ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඉවතට ගෙනයාමේ මෙහෙයුමක්

(ෆාස්ට් නිව්ස් | අම්පාර) –  ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව පාලනය කර ඇති බව ශ්‍රී ලංකා නායික හමුදාව ප්‍රකාශ කරයි.  

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ ඉන්දියාවේද සහය ඇතිව දින දෙකකට ආසන්න කාලයක් පුරා සිදුකල සාර්ථක මෙහෙයුමකින් පසුව ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බවයි.

ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශාල නෞකා තුනක් මෙන්ම ඉන්දීය නාවික හමුදාවේ නෞකා හතරක් ඇතුලූ යාත්‍රා 11 ක් එක්වුණා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ ද කියා සිටියේ අදාළ ගින්න මේ වනවිට පාලනය වී ඇතත් ගින්නේ තත්ත්වය නිරීක්ෂණය සඳහා අවශ්‍ය වුවහොත් අද පෙරවරුවේ යානා කිහිපයක් යෙදවීමට සූදානම් කර ඇති බවයි.

සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක පමණ දුරින් ගැඹුරු මුහුදේ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 70,000 ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙම ගින්න හට ගත්තේ පෙරේදා පෙරවරුවේයි.

බොර තෙල් මෙට්‍රික් ටොන් 270,000 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් එක්දහස් හත්සීයක් රැගෙන යමින් තිබූ මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු බේරා ගැණුනු අතර බොයිලේරු කාමරයේ හටගත් පිපිරීමකින් පිලිපීන ජාතික එක් නැවියෙකු ජීවිතක්ෂයට පත්විය.