FAST NEWS

24×7 Around the Globe

කහ කිලෝ 700ක් යුධ හමුදා භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කහ කිලෝග්‍රෑම් 700ක් මන්නාරමේ තන්නිතාලු ප්‍රදේශයේ තිබී යුද හමුදා බාරයට ගෙන තිබේ.

ඒවා ඉන්දියාවේ සිට පැමිණි බෝට්ටුවලින්, මුහුදේ පා කර එවා ඇති බව යුධ හමුදාව පවසයි.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මේවා සොයා ගැනුණි.

පසුගිය සමයේ කහ කුඩු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් කහ කුඩු නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට පටන් ගෙන තිබේ.

මෙවැනි ජාවාරම්කරුවන් සොයා රට පුර මේ වන විට මෙහෙයුම් සිදු කරයි.