FAST NEWS

24×7 Around the Globe

දැනට පවතින විෂය මාලා වෙනස් කිරීමේ තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාව තුළ පවතින අධ්‍යාපනය වෙනස් කිරීම උදෙසා විෂය මාලා වෙනස් කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී. එල්. පිරිස් ප්‍රකාශ කරයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ නිළධාරීන් සමග පැවැත්වූ ප්‍රථම හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ස්වාධීනව තිබූ අමාත්‍යාංශ 5 ක් ඒකාබද්ධ කරමින් ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනගා ඇත්තේ මානව සම්පත් සංවර්ධනය කේන්ද්‍ර කරගෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

විෂය මාලා වෙනස් කිරීමේ සම්මන්ත්‍රණ ආරම්භ කරන බවද ඔහු සඳහන් කරයි.

විශය මාලා ප්‍රතිසංස්කරණයක් කඩිනමින් සිදුකරන බවත් ඊට අමතරව අධ්‍යාපන කෂේත්‍රයේ පවතින ගැටලු 2 ක්ද හදුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.