FAST NEWS

24×7 Around the Globe

පෙළ පොත් කට්ටල තොගයක් රත්නපුරයෙන් සොයා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රජය විසින් පාසල් දරුවන් සඳහා නොමිලේ බෙදා දෙන පෙළ පොත් කට්ටල තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

ඒ කහවත්ත නගරයේ ඇති පැරණි පොත් සහ පුවත්පත් මිලදී ගැනීම් සහ විකිණීම් සිදු කරන ස්ථානයකදීය.

මෙහිදී පෙළපොත් කට්ටල 1075ක් සොයාගෙන ඇති අතර  දෙමළ පාසල්වල හයේ සිට 11 වන ශ්‍රේණි දක්වා 2020 පාසල් වාරය සඳහා ලබා දීමට මෙම පෙළපොත් මුද්‍රණය කර ඇත්තේ 2019 වසරේ බව හෙලිව ඇත.

අදාළ අලෙවිසැලේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා කහවත්ත පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.