FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොළ සම්පුර්ණයෙන් ඩිජිටල්කරණය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වී  නව මුහුණුවරකින් එළිදැක්වීම නියමිතය.

මේ පිළිබඳව අවධානය යොමු වූයේ පසුගිය කොවිඩ්-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු අඩපණ වී තිබු සමයේදීය.

ඉන් පසුව සම්පූර්ණයෙන්ම කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණ කිරීමට තීරණය කෙරුණි.

කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ.

සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න හා අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් අග්‍රාමාත්‍යතුමා මුණගැසී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිතය.