FAST NEWS

24×7 Around the Globe

20 වන ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 ක් ලෙස පැවතීම , ධුරය දැරිය හැකි වාර ගණන 02 කට සීමා කිරීම හා තොරතුරු පණත අඛණ්ඩව පවත්වාගෙන යාම 20 වන ව්‍යවස්ථා සංශෝධනයටද ඇතුළත් වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සඳහන් කළේය.

එමෙන්ම ඇතැම් කොමිෂන් සභා සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපාදන එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇති බවද සඳහන්.

එහි කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහාද යොමුකර ඇති බව වාර්තා විය.

මේ අතර අමාත්‍ය විමල් වීරවංශ කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍යවරුන්ට මේ වනවිට ලැබී ඇති බවයි.