FAST NEWS

24×7 Around the Globe

මානව හිමිකම් වාර්තා 3 ක් අගමැති රනිල් සභාගත කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කෙරුණු යෝජනාව අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්. ඊට අමතරව මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ උදලාගම සහ පරණගම කොමිෂන් සභා වාර්තා ද අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම වාර්තා සම්බන්ධයෙන් විවාදයක් එළඹෙන බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.