FAST NEWS

24×7 Around the Globe

දින 5ක සිංග්ගපුරු සංචාරයක නිරත වීමට සජීන් වාස්ට අධිකරණයෙන් අවසර.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දින 5ක සිංගප්පූරු සංචාරයකට නිරත වීමට හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණය අද (20) අවසර ලබා දුන්නේය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දින 7ක කාලයකට සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන ලෙස ඊයේ (19) අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් අද (19) සලකා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය ලබා දී ඇත.

සිංගප්පූරුවට යාමට පමණක් මෙම අවසරය ලබාදෙන අතර, ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අවධාරණය කර සිටියේය.

හිටපු සන්ධා මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අයථා මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නඩු පවරා ඇති අතර ඊට අදාළව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.