FAST NEWS

24×7 Around the Globe

අරණගංවිල අනතුරකින් පුද්ගලයෝ තිදෙනෙකු මරුට.

අරණගංවිල මනම්පිටිය ප්‍රධාන මාර්ගයේදී ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෝ තිදෙනෙකු මියගොස් ඇත.

තංගල්ල කුඩාවැල්ලේ සිට කදුරුවෙල නගරය බලා මත්ස්‍ය තොගයක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් අරණගංවිල මනම්පිටිය ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල සොරිවිල හන්දිය නම් ප්‍රදේශයේදි අනතුරට පත්ව ඇත.

මාර්ගයෙන් ඉවතට ගොස් ඇති ලොරි රථය ඒ අසල තිබූ විශාල ගසක ගැටී තිබෙන අතර රියදුරුට නින්ද යාමෙන්  මෙම අනතුර සිදුවීමට හේතුව වී ඇති බව අරණගංවිල පොලිසිය සඳහන් කරයි.

මෙ වන විට අනතුරෙන් මියගිය පුද්ගලයින් තිදෙනාගේ සිරුරු පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.