පහර දී බලහත්කාරයෙන් අසත්‍ය කට උත්තරයක් ගත්තැයි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට සූදානම් වෙයි.
අදාළ පැමිණිල්ල මගින් වග උත්තරකරුවන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.
ඒ අනුව ඔහුගේ නිතිඥයින් අද පස්වරු 02.30ට මානව හිමිකම් කොමිසම ඉදිරියේ පෙනී සිටිනු ඇති.
සේයාගේ ඝාතනයෙන් පසු සිදු කළ DNA පරීක්ෂණයෙන් අනතුරුව කොණ්ඩයා නිවැරදිකරු විය.
පසුව ඔහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණගේ නියෝගයකට අනුව නිදහස් කෙරිණ.
අනතුරුව කොණ්ඩයාගේ සහෝදරයා සමන් ජයලත් නොවැම්බර් 2 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.







