FAST NEWS

24×7 Around the Globe

නාකොටික් 13 දෙනා යළි රිමාන්ඞ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගත් මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එහි නිලධාරීන් 13 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.