FAST NEWS

24×7 Around the Globe

විදුලිය බිඳවැටීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුව අද රැස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.  

මේ සඳහා සොයාබැලීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි සත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඊයේ (17) පත් කෙරුණි.

මීට අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා විසින් නියම කර ඇති බව වාර්තා වෙයි.

විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ දහවල් 12.30 සිට දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවූ අතර , මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ක්‍රියාකාරක්මවලට දැඩි බාධා එල්ල විය.