FAST NEWS

24×7 Around the Globe

ලොව ප්‍රථම වරට ලංකාවේ තේ කර්මාන්තශාලාවකට ප්‍රමිති සහතිකයක්

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා නිර්දේශිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් තේ නිෂ්පාදනය කළ ලොව පළමු තේ කර්මාන්තශාලාවට හිමි ප්‍රමිති කාර්යාංශ සහතිකය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලාවකට පිරිනමා ඇත.   

මෙම සහතිකය හිමිකරගෙන ඇත්තේ හැටන් – කොටගල මවුන්ටන් වර්නන් තේ කර්මාන්තශාලාව විසිනි.

මෙම ප්‍රමිති සහතිකය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් නිර්දේශිත අදාළ සෞඛ්‍ය උපදෙස් තේ දළු නෙලීමේ සිට තේ කුඩු නිෂ්පාදනය දක්වාම ක්‍රියාත්මක කරන්නේ දැයි මාස දෙකකට අධික කාලයක් අධීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.