FAST NEWS

24×7 Around the Globe

අද වැඩ අරඹන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ ලේකම්වරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් වැඩභාරගැනීමට නියමිතය.


ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාතවරයා ලෙස අද (17) පෙරවරුවේ වැඩ ආරම්භ කරන අතර චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ද අද අමාත්‍යාංශවල වැඩ භාර ගනු ඇත.

දයාසිරි ජයසේකර, සිරිපාල ගම්ලත් සහ පියංකර ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන් අද වැඩ භාර ගැනීමට නියමිතය.
මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී.විජේවීර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුද අද දිනයේ වැඩභාරගැනීමට නියමිතය.