FAST NEWS

24×7 Around the Globe

සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනාට අදාළ ලිපි යොමුකර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

9 වන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ කටයුතු මේ මස 20 වැනිදා පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කරගැනීම හා සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම්දිම එදිනට සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මන්ත්‍රීවරුන් වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.