ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් 07 දෙනකු ළඟදීම විපක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වේ.
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය නිසා දැඩි කලකිරීමට පත්ව සිටින මෙම පිරිස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියහොත් පක්ෂයට හා රටට විශාල ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බව පවසන බව හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා පැවසී ය.
මෙම මැති ඇමැතිවරුන් විපක්ෂයට එක්කර ගැනීම සඳහා මේ වන විට මූලික සාකච්ඡා වට දෙකක් පවත්වා ඇතැයි වාර්තාවේ.
වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුර ලබන කිහිපදෙනකුද මේ පිරිස අතර සිටින බවත් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකි බැවින් අවසන් මොහොත දක්වාම නම් හෙළි කිරීමෙන් වැළකී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද මෙම සාකච්ඡාවට එක්ව සිටින නිසා සාකච්ඡා සාර්ථක වුවහොත් මහ මැතිවරණයට පෙර ඔවුන් විපක්ෂයට එක්වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.








