FAST NEWS

24×7 Around the Globe

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය 20 වනදා පාර්ලිමේන්තුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර එදින උදෑසන 9.30ට අභිනව පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී පළමුව කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් පසු මන්ත්‍රීවරුන් දිවුරුම හෝ ප්‍රතිඥා ලබා දීම සිදු කෙරේ.

ඉන්පසුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුවේ. අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ප.ව 3.00 දක්වා‍ කල්තබනු ඇත.