FAST NEWS

24×7 Around the Globe

බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් පිරිසකට ස්ථාන මාරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 07 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා සමඟ සබඳතා පැවැත්වූ බවට වන චෝදනාව මත මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කොට ඇත.

අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර නිවැරදි තොරතුරු තහවුරු කර ගන්නා තුරු මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම බන්ධනාගාරයේ ජේලර්වරයෙකු මංගල උත්සවයක් සඳහා වෙලේ සුදාගෙන් විදේශීය මත්පැන් බෝතල් සියයක් පමණ ලබාගෙන ඇති බවට ද වාර්තා වේ.